පර්ණාංග නැතහොත් මීවන ලෙස ගෙවත්තේ තෙත් සහිත
ප්‍රදේශ වල හෝ ජලාශ්‍රිත් ප්‍රදේශ වල වැවෙන මේ කුඩා පැලෑටියට ඇත්තේ ප්‍රාග් අයිතිහාසික යුගය දක්වා විහිදුනු ඉතිහාසයක්. ලොව පුරා පැතිරුණූ විශේෂ 12,000කට අධික මීවන විවධ රටවලදී ඖෂධිය, ආහාරමය, ගෘහ අලංකරණය, උද්‍යාන අලංකරණය, පස සෝදා යාම වැලැක්වීම වැනි කටයුතු වලට දායක වෙමින් පෘතුවියේ පැවැත්ම උදෙසා නිහඬ සේවයක යෙදෙනවා.
එදා අපේ සිංහල
ප්‍රදේශ වල හෝ ජලාශ්‍රිත් ප්‍රදේශ වල වැවෙන මේ කුඩා පැලෑටියට ඇත්තේ ප්‍රාග් අයිතිහාසික යුගය දක්වා විහිදුනු ඉතිහාසයක්. ලොව පුරා පැතිරුණූ විශේෂ 12,000කට අධික මීවන විවධ රටවලදී ඖෂධිය, ආහාරමය, ගෘහ අලංකරණය, උද්‍යාන අලංකරණය, පස සෝදා යාම වැලැක්වීම වැනි කටයුතු වලට දායක වෙමින් පෘතුවියේ පැවැත්ම උදෙසා නිහඬ සේවයක යෙදෙනවා.
එදා අපේ සිංහල
බෙහෙතේදීත් විව්ධාකාරයෙන් කොළ, දළු, මුල් යෝදාගැනුනනු මීවන පැලෑටිය පණු ගායට බෙහෙවින්ම හිතකර කියායි අත්තම්මා නම් කිවේ. පුංචි සන්ධියේ අත්තම්මා නොකැමැති දඟ වැඩක් කල විට "මොකෝ දරුවෝ පණු ගායද" කියා කරුණාවෙන් ඇසුවත් ඒ දාන්ගලය සීමාව ඉක්මවා ගිය එකක්නම් ඇය අසන්නේ ”බොට කහඹිලියා ගෑවීලා වත්ද” කියායි. පණු අමාරුව වුව, කහඹිලියා ගෑවීම වුව දෙකටම ප්‍රතිකාර කරන්නට මීවන යොදා ගැනීමට ඇය දන සිටි හැටි නම් ඉතා අපූරුයි. අත්හදා බැලීමක් ලෙස කහඹිලියා ගෑවුණු විට මීවන කොළ කිහිපයක් අතින් මිරිකා යුෂ සහ පොඩිවුණු කොළ කහඹිලියා ගෑවුණු තැන අතුල්ලන්න. වහා කැසීම නැවතී ඔබට සුවය ලැබේවි.
ගමේ ගොඩේ බොහෝ දෙනා මීවන පැලෑටියෙන් සාදාගන්නා මේ රසවත් ව්‍යංජනය ගැන දැන සිටින්නේ හන්දිපත් අමාරුවන්ට හොද අත් බෙහෙතක් ලෙසයි. එයට හේතුව මෙහි ඇති ප්‍රදාහය වැළක්වීමේ හැකියාවයි. විශේෂයෙන් සන්ධි වල ඇතිවන ප්‍රධාහ (rheumatoid arthritis ) සුව කිරීමටත්, වේ නිසා ඇතිවන වේදනාව අඩු කිරීමටත් මීවන වලට ඇත්තේ අපූර්ව හැකියාවක්. ප්‍රති පරපෝෂිත ගුණෙන් බහුල මීවන පණු අමාරු වලට බොහෝ ගුණදායක වන අතර පටි පණු ආසාදන වලට නිට්ටාවට හරියන ප්‍රතිකාරයක්. සර්ප විෂ වෙද මහතුන් එදා කතා නොකර ගෙන එන්නට කියා රෝගියාගේ නෑයින් පිටත් කර හරින විට සොයා ගෙනෙන්නට අනකරන කොළ මුල් වට්ටේරුවේ නොවැරදීම තිබේ දෙයක් මීවන පැලෑටිය. නයි පොළොන් වැනි විෂඝෝර සර්ප විසට වාගේම ගෝනුසු පත්තැ විසටත්, මීමැසි විසටත් ප්‍රතිකාර පිණිස මීවන යොදා ගැනුනේ එහි ඇති ප්‍රභල හා වේගයෙන් ක්‍රියාත්මක වන ප්‍රති-ආසාත්මක (anti histamine ) ගුණ නිසා වන්නට ඇති.
පැරණි සිංහල ප්‍රතිකාර වලට වඩා යම් තරමකින් වෙනස් වූ ආයුර්වේද ප්‍රතිකාර වලදී මීවන ඇදුම ඇතුළු ස්වසන රෝග සුව කිරීමට යොදාගෙන තිබෙනවා. මීවන කොළ වියලා පිලිස්සීමෙන්
පැරණි සිංහල ප්‍රතිකාර වලට වඩා යම් තරමකින් වෙනස් වූ ආයුර්වේද ප්‍රතිකාර වලදී මීවන ඇදුම ඇතුළු ස්වසන රෝග සුව කිරීමට යොදාගෙන තිබෙනවා. මීවන කොළ වියලා පිලිස්සීමෙන්
ඇතිවන දුම ආශ්වාස කිරීමෙන් ඇදුම රෝගීන්ගේ ස්වාස නාල පුළුල් කර රෝගියාට ස්වසන පහසුව ඇතිකර ඉක්මන් සහනය ලබා දීමට ඔවුන් සමත් වුවාලු. දකුණු දිග ඇමෙරිකාවේ ඇති මීවන වර්ගයක කාන්තා හෝමෝන බහුල වශයෙන් ඇති බවත්, ආහාරයට ගැනීමෙන් ප්‍රසව වේදනා අඩු කිරීම, ප්‍රසවයේදී සිදුවන රුධිර වහනය වැලකීම, ගර්භාෂයේ පිලිකා වැලැක්වීම මෙන්ම මව් කිරි වර්ධනය වන බව පර්යේෂකයින් පිරිසක් පේනවා දී තිබෙනවා. ආහාර මාර්ගයේදී මීවන මගින් වන බලපෑම නිසා රුධිරගත සිනි විදිමත් ලෙස පවත්වා ගැනීමෙන් දියවැඩියා රෝගයටත් මෙය මනා පිලියමක්.
”බර කොකු” නැතහොත් ”කැරම් කොකු” ලෙස හඳුන්වන්නේ මේ ඖෂධිය ගුණ ඇති මීවන ශාකයේ ලපටි දළුවටයි. කොක්කක ආකාරයට පොළවෙන් මතුවන ලා රත් පැහැ දල්ලේ ඇති කැරම් ඉත්තකුගේ සමාන මෝස්‌තර රටාව නිසා එය ”කැරම් කොකු” ලෙස හඳුන්වනවා වන්නට ඇති. විටමින් ඒ,සි, නයසින්, පොස්පරස් සහ වෙනත් ලවන වර්ග වලින් පොහොසත් ”බර කොකු” තන්තු බහුල ආහාරයක් නිසා මල බද්ධය වලක්වා ගැනීමටත් කදිම ප්‍රතිකාරයක්. කොක්ක දිග හැරෙන්නට පෙර නෙලා ගැනීමෙන් අනතුරුව පැය බාගයක පමණ කාලයක් මද උණුසුම් ලුණු වතුරේ දමා තැබීමෙන් එහි ඇති තිත්ත රසය ඉවත් කිරීමත්, කෘමින් ඇතුළු වෙනත් ක්ෂුද්‍රජිවින් ඇතොත් ඒවා විනාස කර පිස ගැනීමට සුදුසු ලෙස සකස් කර ගැනීමත් සිදු කල යුතුයි. ලුණු වතුර මිරිකා ගෙන, කොහිල කපන ලෙසට කුඩා කැබලි වලට කපා රතුලූනු, උම්බලකඩ මිටිකිරි දමා තෙම්පරාදුවට සකස් කරන බරකොකු ව්‍යංජනය දිව පිනවන සිරුරට සුව දෙන ඉතා අගනා ව්‍යන්ජනයක්. පහතරට තෙත් කලාපයේ එදා කයිදම් බතටත් නිතර එක්වුණු ව්‍යන්ජනයක් මේ.
